භාවනා Meditation: අසුභ භාවනාව

සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං - සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින් තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි.

නුවන ඇත්තෝ මේ මඟ ගමන් කරත්වා !

අසුභ භාවනාව

අසුභ භාවනාව


අසුභ භාවනාව තිබෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ යි. මේ භාවනාව අපිට බොහෝ ම පිහිට පිණිස, පිළිසරණ පිණිස, සැපය පිණිස උපකාරවන භාවනාවක්. එතකොට මූලික වශයෙන් ඒ භාවනාව තුළ කොටස් දෙකක් තිබෙන බව තේරුම්ගන්ට ඕන. එක කොටසකදි අපි තමන්ගේ ශරීරයේ කුණප කොටස් තිස්දෙක ගැන සිහිකරනව. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇට මිඳූළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳූළු, වුරුණ තෙල්, කෙළ, සොටු, සඳමිඳූළු, මූත්‍ර.. මේ විදිහට ඊලඟට අපි තමන්ගෙ ශරීරයත්, අනුන්ගේ ශරීර ගැනත් අපි කල්පණා කරනව. ඒ ශරීර හටගන්නා ආකාරයත් නැතිවෙලා යන ආකාරයත් අපි මෙනෙහි කරනව. එතකොට ඒ පළවෙනි කොටසෙදි අපි සමථ භාවනාව පුරුදුවෙනව. දෙවෙනි කොටසෙදි පුරුදුවෙන්නේ විදර්ශනා භාවනාව යි.

සමථ භාවනාව පුරුදුවීමෙන් අපේ හිතේ තිබෙන රාගය දුරුවෙන්ට පටන් ගන්නව. රාගය දුරුවීමෙන් සිත නිදහස් වෙනව. රාගය දුරු වීම නිසා සිතේ උපදින නිදහස්වීමට කියනව "චේතෝවිමුක්තිය" කියල. එතකොට අපිට "චේතෝවිමුක්තිය" උපදවගැනීම පිණිස ඒ ශරීරයේ කොටස් සිහිකරමින් කරන භාවනාව උපකාර වෙනව.

ඊලඟට මේ භාවනාවේදී ශරීරය හටගන්නා ආකාරයත්, නැතිවෙලා යන ආකාරයත් ගැනත් මෙනෙහි කරනව. එතෙන්දි කෙරෙන්නෙ විදර්ශනා භාවනාව යි. ඒ විදර්ශනා භාවනාව පුරුදුකිරීමෙන් අපි තුළ අවිද්‍යාව දුරු වෙලා යනව. අවිද්‍යාව කියල කියන්නෙ ආර්ය සත්‍යය පිළිබඳ තිබෙන නොදන්නාකම. අවිද්‍යාව දුරුවීමෙන් විද්‍යාව පහළවෙනව. එතකොට අවිද්‍යාව දුරුවුනහම සිත අවිද්‍යාවෙන් නිදහස් වෙනව. එතකොට අවිද්‍යාව දුරුවීමෙන් සිත නිදහස්වීමට කියනව "ප්‍රඥා විමුක්තිය" කියල. එතකොට මේ භාවනාව මඟින් සමථය පුරුදුවෙනව, විදර්ශනාව පුරුදුවෙනව. සමථය පුරුදුවීමෙන් රාගය දුරුවෙන්ට උදව්වෙනව. රාගය සම්පූර්ණයෙන් යම් කලෙක දුරුවෙලා ගියාම සිත නිදහස්වෙනව. ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "චේතෝවිමුක්තිය" යි. විදර්ශනාව පුරුදුවීමෙන් මොකක්ද වෙන්නෙ? අවිද්‍යාව දුරුවෙන්ට පටන්ගන්නව. අවිද්‍යාව සම්පුර්ණයෙන් දුරුවෙලා ගියාම සිත එයින් නිදහස්වෙනව. එතකොට ඒ නිදහස්වීමට මොකක්ද කියන්නෙ? "ප්‍රඥා විමුක්තිය" යි.

එතකොට මේ භාවනාව අපිට සමථය දියුණුකරගන්ටත් විදර්ශනාව දියුණුකරගන්ටත් උපකාරවෙනව වගේ ම චේතෝ විමුක්තිය ඇතිකරගන්ටත්, ප්‍රඥා විමුක්තිය ඇතිකරගන්ටත් උපකාර වෙනව. ඒ වගේම සතිපට්ඨානය සම්පුර්ණ කරගන්ට උදව්වෙනව. සමාධිය පරිපූර්ණ කරගන්ට මේ භාවනාව උදව්වෙනව. යම් කලෙක බොජ්ඣංග ධර්මයන් හතම උපදවගන්ට මේ භාවනාව උදව් වෙනව. එතකොට මෙබඳූ බොහෝ ප්‍රතිලාභ අත්කරගන්ට පුළුවන් භාවනාවක් තමයි අසුභ භාවනාව කියන්නෙ.

තෙරුවන් සරණයි!


අකුසල විපාක හේතුකොට ශරීර විකෘතීන් සහිත උපත්

කර්ම විපාක නිසා මෙවන් විකෘති ඇතිවීමට පෙර සසරෙ කරන ලද අකුසලයන් හේතු වේ. කුසලය සෙවනැල්ලසේ  තමන් පසුපස එන්නාසේම අකුසලය ගොනාබැඳි කරත්තයේ රෝදය ගොනා පසුපස්සේම එන්නාසේ තමන් පසුපස එයි. සෑම විටදීම මතු මෙවන් විපත්වලට හේතුවන අකුසලයෙන් මිදීමට උත්සාහවත් වෙන්න.







නුවණ ඇත්තෝ එක මොහතකුදු මේ දුංඛිත සසරේ නොරදත්වා !
ඔබ තවමත් ප්‍රමාද ද?


free counters